නිතී විරෝධී දුම්වැටි සමඟ අයෙක් කටුනායකදී දැලේ


(ටී.කේ.ජී.කපිල  සහ ප්‍රසාද් මුතුකුඩ )
 
                         

දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අද (30) අත් අඩංගුවට ගත් බව රේගුව පවසයි.
                          

අත්අඩංගුවට ගත් පුද්ගලයා  කුරුණෑගල , නාරම්මල , උහුමීය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි .
 
එහි තිබී  විදේශීය නිෂ්පාධිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 32,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 162 ක් හමු වී ඇති අතර , ඒවායේ වටිනාකම රුපියල් 16,20,000 ක් බව රේගුව පවසයි .
                   

ඔහු  අද (30)  උදෑසන 7.30 ට පමණ ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් 551 දරණ  ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
 
දුම්වැටි තොගය ගමන් මළු 04 සඟවා ගෙන තිබූ අතර , එම ගමන් මළු ආවරණය වන පරිදි රෙදි සෝදන යන්ත්‍රයක් ඉදිරිපසින් තබා, තම ට්‍රොලිය රේගු පරිශ්‍රය ඔස්සේ තල්ලුකරගෙන ගොස්  රේගු නිලධාරීන් නොමග යැවීමට කටයුතු කර තිබේ.
 
සිද්ධිය පිළිබඳ රේගුව  පරීක්ෂණ පවත්වයි.