(ජේ.කේ.එල්.චාමින්ද)
නිතිවිරෝධි ලෙස බලපත්‍රයක් නොමැතිව වෙනිවැල් ගැට තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ජිප් රථයක් සමඟ පුද්ගලයකු අද (4) දහවල් ඇහැලකන්ද දී අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි.
මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින් විසින් මෙකි ජිප් රථය නතර කර පරික්ෂා කිරිමේ දි එහි වෙනිවැල් ගැට කිලෝ 545ක් හා කොකුන් පොතු කිලෝ 8 ක් තිබු බව පොලිසිය පවසයි.
මේ අවට ඇති රක්ෂිතවලින් වෙනිවැල් ගැට කපා නීතිවිරෝධි ලෙස බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහනය කරමින් තිබු බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය විය.
අත්අඩංගුවට ගත් සැකකරු මතුගම කිනියාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.