නෑයන්ගෙන් ගුටිකා තරුණයාත් මවත් රෝහලේ


(නිශාන්ත කුමාර)

මීගහකිවුල මීගොල්ල ගම්මානයේ දී අද (17) දහවල් සිදුවූ පහරදීමකින් බරපතල තුවාල ලැබූ තරුණයකු හා ඔහුගේ මව මීගහකිවුල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරු කර යැවු බව පොලිසිය පවසයි.

දීග ගොස් සිටින තම නැගණිය බැලීම සඳහා අලුත් අවුරුද්දේ සිය බෑණාගේ නිවසට ගොස් සිටියදී එම නිවසේ සිටි 20 ක පමණ පිරිසක් මෙම තරුණයාට , මවට හා ඔවුන් සමඟ ගිය පිරිසට පහරදුන් බව තුවාලකරුවෝ පවසති.

තුවාල ලබා ඇත්තේ මීගහකිවුල කලුගහකදුර පොල්වත්ත ගම්මානයේ වයස අවුරුදු 33 ක තරුණයකු හා 51 හැවිරිදි කාන්තාවකි.

පහර කෑමෙන් තුවාල ලැබූ පිරිස රෝහල් ගතකර ඇති අතර සිද්ධීය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත්කර ඇත.