නැන්දාගේ පිහි ප්‍රහාරයකට ලක්වූ දියණිය රෝහලේ


ඩබ්ලිව්.ඒ. අසේල
 
තම නැන්දාගේ පිහි ප්‍රහාරයකට ලක්වූ බව කියන වයස අවුරුදු 4ක දැරියක ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
 
දැරිය මිත්තනිය සමඟ නිවසේ සිටියදී නැන්දා පැමිණ පිහියකින් දැරියගේ ගෙල ප්‍රදේශයට ඇන ඇතැයි පොලිසිය පවසයි.
 
 තුවාල ලැබූ දැරිය සැත්කමකට භාජනය කිරීමකට සූදානම් බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
 
දැරියට පිහි ප්‍රහාරය එල්ල කළ නැන්දා අත්අඩංගුවට ගෙන තිබේ.