නාවලපිටියේදී ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි


රංජිත් රාජපක්‍ෂ             
 
නාවලපිටිය මහනුවර ප‍්‍රධාන මාර්ගයේ වරකාව ප‍්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා නාවලපිටිය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි. 

 
අද (21) මෙම අනතුර සිදුවි ඇත්තේ නාවලපිටිය මහනුවර ප‍්‍රධාන මාර්ගයේ නාවලපිටිය වරකාව දෙවන රේල් ගේටුව අසලය. 
 
ගමිපොළ සිට ගාල් කර තිබු භාණ්ඩ ප‍්‍රවහාන ලොරි රථයකට කොළඹ සිට නාවලපිටිය දක්වා භාණ්ඩ ප‍්‍රවහානය කරන තවත් ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.
 
අනතුරෙන් ගාල් කර තිබු ලොරි රථයේ සිටි රිය සහයකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇත. 
 
කොළඹ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලොරි රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ගාල් කර තිබු ලොරි රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසය කියයි. අනතුරෙන් ලොරි රථ දෙකට දැඩි අලාභහානි සිදුවී තිබේ.