(ශාන්ත චන්ද්‍රසිරි සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
තලවකැලේ- නාවලපිටිය මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක් කැටඹුලාව ප්‍රදේශයේදි අද (02) ගිනි ගැනීමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශ වී ගොස් තිබේ.
දොලොස්බාගේ සිට තලවකැලේට යමින් සිටියදි ත්‍රී රෝද රථය මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇති අතර එම අවස්ථාවේ ත්‍රී රෝද රථයේ රියදුරා හා තවත් අයෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන්ට කිසිඳු හානියක් සිදුව නොමැත.
ත්‍රී රෝද රථයේ ඇති වු හදිසි කාර්මික දෝෂයක් නිසා මෙම ගිනි ගැනීම සිදු වන්නට ඇති බව නාවලපිටිය පොලීසිය සැක කරයි.
නාවලපිටියේදී ත්‍රී රෝද රථයක් හදිසියේ ගිනි ගනී
Recommended Articles