නාවලපිටියේ ත්‍රීරෝද රථ අනතුරකින් පුද්ගලයකු මරුට


ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක 
 
නාවලපිටිය,  හපුගස්තලාව- රුවන්පුර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් අඩි 150 ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන්කරමින් සිටි තරුණයෙක් මිය ගොස් ත්‍රීවීල් රථයේ රියදුරා බරපතල තුවාල ලබා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලීසිය පවසයි.

 
මෙසේ මිය ගොස් ඇත්තේ නාවලපිටිය, රුවන්පුර ප්‍රදේශයේ පදිංචිව කුමාර නැමති (27) හැවිරිදි තරුණයෙකි.
 
අධික බීමතින්  ත්‍රීවීල් රථය පදවමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලීසිය පවසයි.
 
මිය ගිය අයගේ මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද (19) නාවලපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.