(රංජිත් රාජපක්ෂ)
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමඟ නාවලපිටිය නගරයේ පිහිටි ආපනශාලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (22) හදිසි පරීක්ෂාවකට ලක් කළහ.
නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලය , නාවලපිටිය නගර සභාව , පස්බාගේ කොරල ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව මෙම හදිසි වැටලිම සිදු කළහ.
නාවලපිටිය නගරයේ පිහිටි ආපන ශාලා 19 ක් පරීක්ෂාවට ලක් කළ අතර එම ආපන ශාලා 19 අතරින් එක් ආපන ශාලාවක අයිස්ක්‍රිම් සහ පීසිමට පිළියෙල කරන ලද කුකුල් මස් එකට තැබීම හේතුවෙන් එවා විනාශ කළ බවත් එම ආපන ශාලා හිමියාට එරෙහිව නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.
අපිරිසිදුව හා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරමින් ආපන ශාලා පවත්වාගෙන ගිය ආපන ශාලා රැසක හිමිකරුවන්ට අඩුපාඩුකම් සපුරා ගැනීම සඳහා මේ මස 27 දින දක්වා කල් ලබා දුන් අතර එම කාලය අතරතුර එම අඩුපාඩුකම් සපුරා නොගන්නා ආපනශාලා මුද්‍ර තබන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආපනශාලා හිමියන්ට අවධාරණය කළහ.
නාවලපිටිය නගරයේ පිහිටි ආපනශාලා වල ආහාර අනුභව කිරීමට පැමිණෙන පාරිභෝගිකයන් වෙනුවෙන් සබන් යොදා අත්සේදීමට අවශ්‍යය උපකරණ සවි කරන ලෙසත් දැනුම් දී තිබේ.
ආපන ශාලාව තුල එක වර විශාල පිරිසකට ආහාර අනුභව කිරීමට අවකාශය ලබා නොදෙන ලෙසත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ආපනශාලා හිමියන්ව දැනුවත් කළ අතර මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වරින් වර අධික්ෂණය කරන බවද ආපනශාලා හිමියන්ව දැනුම් දුන්හ.