නාවලපිටිය නගරයේ කොටසක් වැස්සෙන් යට වෙයි


 ( රංජිත් රාජපක්ෂ)                           
 
 මේ  දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

ඇතැම් ස්ථානවල ප්‍රධාන මාර්ගයේ අඩි දෙක දක්වා ජල මට්ටම ඉහල යාම නිසා රථ වහන ගමනා ගමනයට දැඩි බාධා පැමිණ ඇති අතර ඇතැම් ස්ථානවල වෙළදසැල් ද ජලයෙන් යට වි තිබුණි .

නාවලපිටිය නගරයේ වැසි ජලය බැස යාම සදහා තිබෙන කාණු පද්ධති අවහිර විම නිසා මෙසේ නගරයේ කොටසක් ජලයෙන් යට වි යන බවයි ප්‍රදේශවාසින් පවසයි.