(නයනදුල සෙන්දනායක)
නාය යෑමෙන් මුළුමනින්ම හානි වු බුලත්සිංහල පොල්ගොඩ ඉහලවෙල්ගම තැන්නහේන මාර්ගය ප්‍රදේශයේ ජනතාව විසින් පිළිසකර කර යළි ජනතා අයිතියට පත්කිරීම අද (23) සිදු කළේය.
මෙම සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රදේශවාසීන් රුපියල් ලක්ෂ එකසිය පනහක මුදලක් වැය කර තිබිණි.
දෙදහස් දාහතේ මැයි විසිවන දින පැවති අධික වර්ෂාවත් සමග බුලත්සිංහල පොලේගොඩ ඉහල වෙල්ගම තැන්නහේන මාර්ගයට කන්ද නායයාම හේතුවෙන් තැන්නහේන මාර්ගය එකේ කණුව ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන්ම විනාශයට ලක් විය.
එම මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස අවතැන් ජනතාව වගකිවයුතු අංශවලින් ඉල්ලීම් සිදු කළද නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ‘ඉහලවෙල්ගම මාර්ගයේ නායගිය ස්ථානයේ ජනතා සංවිධානය‘ නමින් සංවිධානයක් පිහිටුවා ගනිමින් මාර්ගය නැවත යථා තත්ත්වයට ගැනීමේ වැඩ කටයුතු ආරම්භ කර තිබේ.
ඒ අනුව මාස තුනක් පමණ තිස්සේ ප්‍රදේශවාසීන්ගේ අධාරමුදල් උදව් උපකාර ඇතිව රුපියල් කෝටි එකහමාරක මුදලක් වැයකරමින් මාර්ගය ඉදිකර අවට විහාරස්ථානයන්හි භික්ෂුන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් එස්.කේ සේනාධිර, අගලවත්ත පොලිස් ස්ධානාධිපති ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මෙම මාර්ගය ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරිණි.