ඩබ්ලිව්.ඒ. අසේල
පවතින අධික වර්ෂවත් සමඟ පස්ගම උඩුමුල්ල ගම්මානය නාය යෑමේ දැඩි අවධානමක් හටගෙන ඇති නිසා එහි පදිංචි පවුල් දාහතක (17) 81 දෙනකු ඊයේ රාත්‍රියේ සිට එම ස්ථානයෙන් ඉවත් කොට තාවකාලිකව හේවාවිස්ස විදුහලේ නවාතැන් පහසුකම් සලසා ඇත.
මේ දින වල පවතින අධික වර්ෂාවත් සමග තරල්වාන කන්දේ සිට ඇද හැලෙන උඩුමුල්ල කදුරෙන් විශාල ජල කදක් පහලට ඇද හැලෙන අතර ඊයේ රාත්‍රි නිවාස කිහිපයක් ඇතුලටද ජලය ගලා විත් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
ඔලුවාවත්ත උඩුමුල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති අතර සමහර ස්ථාන වල විශාල ගල් පෙරලී මාර්ගයද ගිලා බැසීමට ලක්වී ඇත.
පසුගිය අධික වර්ෂාව සමයේද ඕළුවාවත්ත ගම්මානයේ සිදුවූ නාය යෑමක් නිසා විශාල ගලක් පෙරලීමෙන් නිවාස කිහිපයකට දැඩි අලාභ හානි සිදුවිය.
පාත හේවාහැට ප්‍රාදේශීය ලේකම් මධුපානි පියසේන මහත්මියගෙන් මේ පිළිබදව විමසීමේදි ප්‍රකාශ කළේ හේවාවිස්ස විදුහලේ තාවකාලික නවාතැන් ගෙන සිටින සියලු දෙනාට පිසූ ආහාර හා වියලි ආහාර ලබා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බවයි.



