(ජුඩ් සමන්ත)
නාත්තන්ඩිය-කොට්ටරාමුල්ල අල්හිරා මුස්ලිම් මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ස්ථාන මාරු නොකරන ලෙස ඉල්ලා පිරිසක් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වන විට විදුහල්පතිවරයා මාරු කළ යුතු යැයි තවත් පිරිසක් එම ස්ථානයේ ම විරෝධතාවයේ නියැලීමත් සමඟ දෙපාර්ශවය අතර අද (25) දහවල් උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලයේ සිසු සිසුවියන් 1200 ක් පමණ ඉගෙනුම ලබති. ප්‍රදේශයේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට ඇති එකම මුස්ලිම් පාසල මෙය බව පිරිසක් කියා සිටියි.
එමෙන්ම වත්මන් විදුහල්පතිවරයා පාසලට පැමිණීමෙන් පසුව පාසල තුළ අධ්‍යාපනික සහ විනය අතින් විශාල වර්ධනයක් වී ඇති බවත් ඔවුන් කියා සිටියි. විදුහල්පතිවරයා ගෙන යන ක්‍රියාවට විරෝධය දක්වන ගුරුවරුන් කීප දෙනෙකු සහ ඔවුන්ට සහාය පල කරන අතලොස්සක් විදුහල්පතිවරයාට විරෝධය දක්වන බවද එම පිරිස කියා සිටියේය.
එමෙන්ම විදුහල්පතිවරයාට එරෙහිව ක්‍රියා කරන බහුතරයක්ගේ දරුවන් මෙම පාසලට නොයන බවත්,එම දරුවන් ජාත්‍යන්තර පාසල් වලට අධ්‍යාපන කටයුතු සඳහා යන බවත්,විදුහල්පතිවරයාට පක්ෂපාතීත්වය දක්වන්නේ ප්‍රදේශයේ දුප්පත් පිරිසක් බවද විරෝධතාවයට එක්ව සිටි එක් කණ්ඩායමක් කියා සිටියේය.