නවමැදගම අනතුරකින් තරුණයෙක් මරුට


වජිර ප්‍රසන්න
 
මහියංගනය - පොළොන්නරුව  මාර්ගයේ නවමැදගම දී අද   යතුරුපැදියක් ලොරිරථයක ගැටී සිදුවූ   අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වී ඇතිබව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි.
 
පසු පැදිකරු තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව පොළොන්නරුව මහරෝහලට මාරුකර යවා ඇත.
 
මෙලෙස මියගොස් ඇත්තේ නවමැදගම අංක 51 ලිපිනයේ පදිංචිව සිටි එච්.එම්.කේ.ජී.කසුන් දිල්ශාන් නමැති අවුරුදු 18ක තරුණයෙකි.