(මොහොමඩ් ආසික්)
අකුරණ කුරුගොඩ ප්‍රදේශයේ නවතා තිබූ ලොරි රථයක් අද (26) ගිනි ගෙන ඇති බවට අලවතුගොඩ පොලීසිය පවසයි.
මෙම ලොරි රථය ගිනි ගන්නා බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් අනුව පොලීසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය.
කඳන් ඇදීම සඳහා භාවිතා කරනු ලබන බූම් ලොරියක් වන මෙම ලොරියේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා ගිනි ගන්නට ඇතැයි පොලීසිය පවසයි.
අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම්.එම්.එච්. ජයතිලක මහතාගේ උපදෙස් මත වැඩිදුර පරික්ෂණ පවත්වයි.
නවතා තිබූ ලොරියක් ගිනි ගනී
Recommended Articles