නවතා තිබූ වාහනවල බැටරි ගැලවු අයෙක් අත්අඩංගුවට


  
(මොහොමඩ් ආසික්)

 
කටුගස්තොට සහ අවට ප්‍රදේශවල නවතා තබන ලොරි රථ ඇතුළු වාහනවල බැටරි ගලවා විකිණිමේ නිරතව සිටි බව කියන සැකකරුවකු කටුගස්තොට පොලීසියේ අපරාධ විමර්ශණ  අංශය  අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට  ලැබුණු තොරතුරක් අනුව  28 හැවිරිදි කටුගස්තොට නගරයට ආසන්නව පදිංචි මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර  මේ සම්බන්ධයෙන් කළ වැඩි දුර විමර්ශණයේදී ලොරි රථ 12 ක සහ ත්‍රීරෝද රථයක ඇතුළු වාහන 13 කි න් ගලවා තිබූ බැටරි 18 ක් සොයා ගැනීමට පොලීසියට හැකි ඇත.

කටුගස්තොට නගරයේ මඩවල පාර, කුරුණෑගල පාර, අඹතැන්න නගරය ඇතුළු ස්ථානවල නවතා තබන ලොරි රථවලින් ඉතා සූක්ෂමව මෙම බැටරි ගලවා  විකුණා ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.