(ක.ග කරුණාරත්න)
නව වසර උදාව සමරමින් පොළොන්නරුව කදුරුවෙල ප්‍රධාන බස් නැවතුම්පළට පැමිණෙන මගී ජනතාවට කිරිබත් කැවුම් කෙසෙල් රසකැවිලි ආදියෙන් සංග්‍රහ කිරීමට කදුරුවෙල වෙළෙඳ සංගමය අද (01) උදේ කටයුතු කළේය.
එසේම සරසවි වරම් ලැබූ දරුවන්ට මූල්‍යාධාර පිරිනැමීම සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු දරු දැරියන් පිරිසකට පාසල් බෑග් ඇතුළු අධ්‍යාපන උපකරණ පිරිනැමීමක්ද මෙහිදී සිදු විය.