නල මාර්ගයකට හානිවීමෙන් ජල සැපයුම නවතී


(ඩයනා උදයංගනී)

           

කඩවත පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීමක් අතරතුරදී ප‍්‍රධාන නල මාර්ගයකට හානි සිදුවීම හේතුවෙන් එය යළි පිළිසකර කරන තුරු ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන්නට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කටුනායක, සීදුව ජා ඇල නගර සභා බල ප‍්‍රදේශය, ජා ඇල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය, මාබෝල, වැලිසර කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්‍රීගම, පොල්ගහහේන, බෝයිස්ටවුන් යන ප‍්‍රදේශයන්හි ජල සැපයුම අත්හිටුවා ඇතැයි එම මණ්ඩලය සඳහන් කරයි.

මේ වන විටත් නලයේ පිළිසකර කිරීම් ආරම්භ වී ඇති අතර එය අවසන් කර හැකි ඉක්මණින් ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.