නරක් වු ආහර විකිණු අටකට දඩ



 

 
(සුමතිපාල දීයගහගේ)  
 
මිනිස් ආහාරයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කිරිම අලෙවි කිරිම සහ අලෙවි කිරිමට ප්‍රදර්ශනය කිරිම ඇතුලු තවත් චෝදනා කීපයකට වැරදිකරුවන් වූ ගාල්ල නගරයේ ආපනශාලා හිමියන් අට දෙනෙකුට  දඩ නියම කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනෙවිය අද (25) නියෝග කළාය.

රුපියල් 267000 දඩ මුදලක් ඔවුනට මහේස්ත්‍රාත්වරිය නියම කැරිණි.

මෙහිදී එක් විත්තිකරුවෙකුට රුපියල් 48000 රුපියල් 42000 රුපියල් 36000 රුපියල් 30000 රුපියල් 18000 සහ රුපියල් 15000 ආදී වශයෙන් ආපනශාලා හිමියන්ට දඩ නියම විය.

ආපනශාලාවල පවතින අඩුපාඩු සම්පුර්ණකර පෙබරවාරි මස 22 වැනි දා අධිකරණයේ නැවත පෙනී සිටින ලෙසද විත්තිකාර ආපනශාලා හිමියන්ට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.