ඉන්දික අරුණ කුමාර
ලෝක උරුම දුම්බර වනපෙතේ බෙබෲක් පෙදෙසේ ඉංග‍්‍රිසි ආණ්ඩු පාලන සමයේ යැයි සැලකෙන ඉපැරණි තේ කර්මාන්ත ශාලාවක් පිහිටි භූමියේ ඉපැරණි අකුණු සණ්නායකයක් සොයා අඩි 15 ක් පමණ කැණිම් දෙකක් සිදුකළ සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව දඹුල්ල විශේෂ කාර්යය බලකාය පවසයි.
විදේශිය රටක පුද්ගලයකුට රුපියල් කෝටි 15 ක මුදලකට අකුණු සණ්නායකය ලබාදෙන පොරොන්දුව මත මෙම කැනීම සිදුකර ඇති බව විශේෂ කාර්ය බලකාය සිදුකළ මුලික පරික්ෂණ වල දී අනාවරණය වි තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර ව්‍යාපාරිකයෙකු ද සිටින බව විශේෂ කාර්යය බලකාය පවසයි.
ලග්ගල ප‍්‍රාදේශිය ලේකම් වරයාට ලද තොරතුරකින් අනතුරුව දඹුල්ල විශේෂ කාර්ය බලකාය , ලග්ගල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලීය නිලධාරින් හා මාතලේ දිස්ත‍්‍රික් වන සංරක්ණ නිලධාරින්ගේ ද සහාය ඇතිව වැටලීම සිදුකර තිබේ.
අකුණු සණ්නායකය පවතිනවා යැයි හඳුනාගත් ප‍්‍රදේශයට අඩි 15 පමණ ගැඹුරින් දෝනා දෙකක් ඔස්සේ පිරිස කැණීම් සිදුකර තිබේ.
ව්‍යාපාරිකයා විසින් කැණීම් සිදුකළ පුද්ගලයින්ට, එක් අයෙකුට ලක්ෂ පහ බැගින් ගෙවන පොරොන්දුව යටතේ කැනීම සිදුකර ඇති බව ද අනාවරණය වී ඇත.
පැය 2 කට පමණ කැනීම් සිදුකළ දෝනාවක් විශේෂ කාර්යය බලකායට හමු වී ඇත. කුඩා ජෙනරේටරයක් ,දෝනාව ඇතුලේ බැටරියක් ආදාරයෙන් විලූලිය ලබාදී තිබු බව පවසයි.
මීට අමතරව තෙල් ,මල්, බිත්තර ඇතුළු පූජා භාණ්ඩ රැසක් ද පසුව හමුවී තිබේ.