ධීවරයන්ටත් වෘත්තීය හැඳුනුම්පතක්


ධීවර රැකියාවන්හි නියැලෙන සියලුම ධීවරයින් වෙනුවෙන් හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කරන බව  ධීවර  කටයුතු අමාත්‍යංශය පවසයි.
 
 
 ධීවරයන්ගේ වෙස් ගනිමින් මත්ද්‍රව්‍ය ආනයනය, නීති විරෝධී ගණුදෙනු හා නීති විරෝධී විදෙස්ගත වීම අවම කරන ලෙස මෙරට ධීවරයින් කළ ඉල්ලීමකට අනුව ඉදිරියේ දී සියලුම ධීවර යාත්‍රා සඳහා ජී.පීඑස් තාක්ෂණය හඳුන්වා දීමටත් මෙලෙස  ධීවර  හැඳුනුම්පතක් නිකුත් කිරීමටත්  පියවර ගෙන ඇත.
 
 
ඉදිරියේ දී ධීවර වරායෙන් පිටව යන ධීවරයන් ඇඟිලි සලකුණු යන්ත්‍රයන්හි සිය අනන්‍යතාවය තහවුරු කර දියඹට යා යුතුව ඇති බවත් හදිසි දැනුම්දීම්, කාළගුණික විපර්යාස පිළිබඳ දැනුවත් කිරීම් සඳහා ඔවුනට කෙටි පණිවුඩ ක්‍රමයක් ඉදිරි මාස දෙක තුළ ඇති කරන බවත් අමාත්‍යංශය පවසයි.
 
 
ග්‍රාමීය ධීවරයන් ශක්තිමත් කිරීම සඳහා ධීවරයන්ට නිවාස ඉදිකිරීමේ දී ලබාදෙන ණය ආධාර සීමාව ඉහළ දැමීමට ද ධීවර යාත්‍රා උපකරණ සහනදායී ක්‍රමයකට ලබාදීමට ද  කැබිනට් මණ්ඩලයට යෝජනාවක්ද ඉදිරියේදී යොමු කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කර ඇතැයි අමාත්‍යංශය සඳහන් කරයි.

(36698)