ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උද්ඝෝෂණයක් කොටුවේ


(ශාන්ත රත්නායක)

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (23 ) කොළඹ කොටුව දුම්රිය දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්විණි.

ඉන්දියන් ටෝලර් යාත්‍රා අපගේ මුහුද ආක්‍රමණයට තිරසාර විසඳුමක් ලබා දෙන ලෙසත් ,රටේ නීතිය ක්‍රියාත්මක කර අපගේ මුහුද ආරක්ෂා කිරීමට රජයේ මහ පියවර ගන්නා ,තිරසාර ධීවර කර්මාන්තයක් සහතික කිරීමට නීති විරෝධී ධීවර පන්න තහනම වහා ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් ඔවුහු මෙලෙස විරෝධතාවයෙහි නිරතවූහ.

ඉන් අනතුරුව ඔවුහු පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියහ. එයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම් ඒ සුමන්දිරන්, ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහභාගිව සිටියහ.