(දියතලාව - ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල දෝව රක්ෂිතයේ අද (01) හවස ඇතිවූ හදිසි ගින්නකින් අක්කර 2ක භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය කියයි.
මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ වටිනා ශාක සහ සත්ව විශේෂ රැසක් ගින්නට හසුවීමෙන් විනාශ වී තිබේ.
කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සතුන් දඩයම් කිරීම හෝ විනෝදය හෝ සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතයි පොලිසිය සඳහන් කරයි.
බණ්ඩාරවෙල පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම ගින්න නිවා දැමීමට දැඩි උත්සාහයක යෙදී ඇතත්, පවතින වියළි කාලගුණික තත්වය සහ සුළං තත්වය හේතුවෙන් මෙම ගින්න රක්ෂිතය පුරා පැතිර ගොස් තිබේ.
බණ්ඩාරවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලිස් නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.