දොම්පේ අපවිත්‍ර ජලය කුඹුරු වලට මුසුවීමට විරෝධය


(උපාලි රණවීර)                                                                                    

පහළ දොම්පේ ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින්  බැහැර කරන අපවිත්‍ර ජලය නිසා පරිසරික හානි ඇති වන බව පවසමින්  ප්‍රදේශවාසීන් එම ඇලුමිනියම් කර්මාන්තශාලාව ඉදිරියේ උද්ඝෝෂණයක නිරතවූහ.

එම අප ද්‍රව්‍ය ප්‍රදේශයේ ඇළ මාර්ග ඔස්සේ කුඹුරු වලට ගලා යාමෙන් මසුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇත.  මෙසේ මිය ගිය මසුන් ද උද්ඝෝෂණය කරන ස්ථානයට රැගෙනවිත් ඇත.

මෙම කර්මාන්ත ශාලාවෙන් සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස උද්ඝෝෂකයන් ඉල්ලා සිටිති.