(ජේ.කේ.එල් .චාමින්ද)
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගිය සිව්දරු මවකගේ ආදාහන කටයුතු දේහයට මුද්‍රා තබා ජාත්‍යයන්තර නිරෝධායන නිතිමාලාවට අනුකුලව අද (23) පස්වරුවේ දි අක්මිමන කුරුදුවත්ත ආදාහනාගාරයේ දි සිදුකළ බව ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා පවසයි.
හැත්තැනම හැවිරිදිවියේ පසුවන මෙකි මව උණ හා සෙම වැනි රෝග ලක්ෂණ හේතුවෙන් ඊයේ (22) පස්වරුවේ දි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කරණු ලැබිය.
ඇය දිගුකාලිනව දියවැඩියා රෝගයෙන් පෙලෙන තැනැත්තියක් බවද හදිසි මරණ පරික්ෂකවරයා පැවසිය.
මෙකි මව අද (23) අළුයම මිය ගොස් ඇත. උණ හා සෙම වැනි රොග ලක්ෂණ තිබු නිසා ඇයගේ සෙම් හා කර පටල ලබාගෙන කොරෝනා පරික්ෂණයක් ද සිදුකළ අතර එහිදි ඇයට කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බවද හදිසි මරණ පරික්ෂකවරයා සදහන් කළේය.
මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරික්ෂණය අද (23) කරාපිටිය ශික්ෂණ රෝහලේ දි හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් සිදුකරණු ලැබිය.
පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි පෙරේරා මහතා විසින් කරනු ලැබිය.
එහිදි හදිසි මරණ පරික්ෂකවරයා මෙකි මවගේ දේහයට මුද්‍රා තබා ජාත්‍යයන්තර නිරෝධායන නිතිමාලාවට අනුකුලව අවසන් කටයුතු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ සිදුකරන ලෙස පොලිසියට නියෝග කළේය.
ඒ අනුව මෙකි මවගේ ආදාහන කටයුතු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි. යු. සි.පි පෙරේරා හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ අද පස්වරුවේ අක්මිමන කුරුදුවත්ත ආදාහනාගාරයේ දි සිදුකරනු ලැබිය.
දේහයට මුද්‍රා තබා ආදාහන කටයුතු කරයි
Recommended Articles