දෙවසරකට පසු මහවිලච්චිය වැව වාන් දමයි


 

දයාරත්න ඇඹෝගම

 

මහ විලච්චිය ගොවි ජනපද ව්‍යාපාරයේ ජීවනාලිය ලෙස සැළකෙන මහ විලච්චිය මහ වැව වසර දෙකකට පමණ පසුව පිරී වාන් දමමින් පවතී. 

වසභ රජ සමයේ ඉදිකරන ලද්දක් ලෙස සැළකෙන  මහ විලච්චිය මහ වැවට අක්කර අඩි 32500 ක පමණ ජල ධාරිතාවයක් දරා ගැනීමේ හැකියාව ඇති අතර මේ යටතේ කුඹුරු අක්කර 3000 ක් පමණ වගා කරනු ලබයි.

2016 වර්ෂයේ මැයි මාසයේදී පමණ අවසන් වරට ජලයෙන් පිරුණු  මහවිලච්චිය මහ වැව  උතුරුමැද පළාත තුළ වසර දෙකක් පමණ පැවති වියළි කාලගුණික තත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම පාහේ සිඳී ගොස් වගා කන්න 05 ක් පමණ මහ විලච්චිය ව්‍යාපාරයේ ගොවීන්ට කිසිදු වගාවක් සිදුකර ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබුණි.