දෙවට වෙරළ විඩීයෝ කළ රුසියානු ජාතිකයාට දඩ


ඩී.ජී.සුගතපාල

 

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන  කැමරාවකින් ගාල්ල දෙවට වෙරළ තීරය රූගත කිරිමේ චෝදනාවට වරද පිළිගත් විදේශිකයාට රුපියල් 20,000/- දඩයක් නියම කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (10) නියෝග කළේය.

මෙසේ දඩ නියම වුයේ  22 හැවිරිදි රුසියානු ජාතිකයකුටය. ඔහු අප්‍රේල් 28 වන දා ලංකාවේ සංචාරයකට පැමිණ ඇති අතර ඊයේ (9) ගාල්ල දෙවට වෙරළ තීරය ඩ්‍රෝන කැමරාවක් මගින් රූගත කරමින් සිටියදී අත්අඩංගුවට ගැණිනි.