දෙමටත්ආර රක්ෂිතයේ ගින්නකින් අක්කර 20 ක් විනාශයි


(ඩී.කේ.රත්න)

වැල්ලවාය ඇතිලිවැව දෙමටත්ආර රක්ෂිතයේ අද (7) අලූයම ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර විස්සක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.

රක්ෂියේ ඇතිවූ ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ බිංකොහොඹ ඇහැළ, නික, රණවරා ආදී ඖෂධ පැළෑටි රැසක් සහ වටිනා ශාක වර්ග රැසක් විනාශ වී තිබේ.

ගින්න ඇතිවීමත් සමඟ වැල්ලවාය පොලීසිය විසින් බුත්තල යුද හමුදා කඳවුරේ යුද හමුදා නිළධාරීන්ගේ ද සහයෝගය මත උදෑසන වනවිට ගින්න මුළුමනින්ම නිවා දමා තිබේ.

කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු විසින් මෙම රක්ෂිතයේ සිටින ගෝනුන් මුවන් හා වල් ඌරන් වැනි සතුන් දඩයම් කිරීම සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැකකරයි.