(ශාන්ත ප්‍රදීප් කුලරත්න)
දෙමටගොඩ දෙමහල් නිවසේ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් කොළඹ විශේෂ දූෂණ මර්ධන කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්.එම් සදුන් රෝහණ බණ්ඩාර මහතාගේ අවසන් කටයුතු අද (24) පිළියන්දල බටුවන්දර පොදු සුසානභුමියේදී සිදුකෙරිණි.
ආගමික වාතාවත් වලින් අනතුරුව බටුවන්දර පොදු සුසානභුමිය කරා දේහය රැගෙන යන ලදී.
පසුව සුසාන භූමිය අසලදී දේහය පොලිසිය විසින් භාර ගැනීමෙන් පසුව පොලිස් තූර්ය වාදක කණ්ඩායම ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දේහය සුසාන භූමිය කරා රැගෙන ගෙස් අනතුරුව දේහය මිහිදන් කෙරිණි.

