(කවිතා සුබසිංහ)
හෙරොයින් ග්‍රෑම් 33යි මිලි ග්‍රෑම් 730ක් ලඟ තබා ගැනීම හා ප්‍රවාහන කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් දෙමටගොඩ චමින්දගේ ඥාති නැගණිය අතුළු තවත් දෙදෙනකු ඔක්තෝබර් මස 10 වැනි දා දක්‌වා රිමාන්ඩ් ගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (27) වැනිදා නියම කළේය.
නඳුන් රන්දන මල්ලවාරච්චි , බස්තියන් කෝරාලගේ පවන් අශේන් රොද්‍රිගු ,මල්වත්තගේ නිලුෂා පෙරේරා නැමති තිදෙනෙකු මෙලෙස රිමාන්ඩ් ගත කෙරිණ.
සැකකාරිය රෝගී තත්ත්වයෙන් පසුවන බැවින් ඇයව බන්ධනාගාර රෝහල වෙත ඉදිරිපත් කරන ලෙසත් මරණීය තර්ජන ඇති බැවින් විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරයේ රදවන ලෙස ද විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහේෂ් පොතුවිල මහතා අධිකරණයේදී කරුණු පැවසීය.
හෙරොයින් ප්‍රවාහනයට ආධාර දුන් බව කියන මල්වත්තගේ නිලුෂා පෙරේරා නැමති විත්තිකාරිය දෙමටගොඩ චමින්ද නැමති ප්‍රබල පාතාල නායකයාගේ ඥාති නැගණියක් වන බව ද අධිකරණයේ දී කියවිණි.
නඳුන් රන්දන නැමැත්තාට හෙරොයින් ග්‍රෑම් 33 මිලි ග්‍රෑම් 730ක් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් ද, පවන් අශේන් රොද්‍රිගු හා නිලුෂා පෙරේරා යන අයට හෙරොයින් ප්‍රවාහනයට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් ද මෙම නඩුව ගොනු කර තිබිණ.
සැකකාරිය අසනීප තත්ත්වයෙන් පසුවන බවට අධිකරණයේදී ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් හේශාන්තද මැල් මහතා සැකකාරිය වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසද නියම කළේය.