දෙනියායේ අක්කර 100 ක වනය ගිනිගනී


(දෙනියාය විශේෂ එස් .ඩී.කොඩිකාර )

දෙනියාය එනසල් වතුයායට අයත් මතුගොබේ කොටසෙහි වගා කළ අක්කර සියයකට අධික වන වගාවක් අද දහවල් ගින්නෙන් විනාශ වී ඇත.

මෙතෙක් ගින්න පාලනයට  කිසිදු පියවරක් ගෙන නැත‍.

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ගින්න විශාල ලෙස පැතිර යාම නිසාවෙන් ජල මූලාශ්‍රවලට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ප්‍රද්‍ෙශවාසීන් පවසති.