(ජුඩ් සමන්ත)
දරු දෙදෙනා සමඟ නිවසේ සිටි කාන්තාවක් දුෂණය කර පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය පවසයි.
අද අලුයම 4.00 ට පමණ මාදම්පේ - සුදුවැල්ල ප්‍රද්‍ෙශයේදී මෙම සිදුවීම සිදුවී ඇත.
අතවරයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25 ක් වන කාන්තාවක් වන අතර ඇයට 8 ක සහ අවුරුද 3 ½ ක් වන දියණියන් දෙදෙනෙක් සිටී. සැමියා පුද්ගලික ආයතනය රියදුරෙකු ලෙස කටයුතු කරන අතර මේ අවස්ථාවේ සැමියා රාජකාරී කටයුතු සඳහා නිවසින් බැහැරව සිට ඇත.
නිවසේ දොර කඩාගෙන ඇතුළු වී ඇති පුද්ගලයන් දෙදෙනෙක් පිහියක් පෙන්වා ඇය බිය කර දුෂණය කර පලා ගොස් ඇත. අතවරයට පත් කාන්තාව මේ බව තම සැමියාට දුරකථනයෙන් දැණුම් දී පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.
කාන්තාව ප්රදතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.