(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ටෝනි කරුණානායක)
හුණුමුල්ල කැලෑපිටිමුල්ලේ නිවසකට මහ දවාලේ ඇතුළු වී හතලිස් දෙහැවිරිදි කාන්තාවක ගෙල කපා පිහි පහර 63 ක් එල්ල කර මරා දැමී යැයි 35 හැවිරිදි දෙදරු පියෙකු අද ( 06 ) අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.
මෙසේ මරා දමා ඇත්තේ මීට දෙවසරකට පෙර විවාහයට පත් 42 හැවිරිදි වඩුගේ දුලීකා සංජීවනී ලිවේරා නැමැත්තියකි.
මරණය පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ ( 05) දහවල් මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සිසිර විජේසූරිය මහතා විසින් සිද්ධියවූ ස්ථානයේදී පවැත්වනු ලැබීය.
මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.කේ. විජේවර්ධන මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමේදී මරණකාරියගේ සිරුරේ කැපුම් තුවාල 63 ක් ඇති බව අනාවරණය විය.
ඉන් 44 ක් බරපතල ගණයේ වූ අතර ගෙලෙහි සිදුවූ කැපුම් තුවාලය ඇතුලූ තුවාල නිසා සිදුවූ ලේ වහනය හා කම්පනය නිසා මෙම මරණය සිදුව ඇති බවට නිගමනය කර ඇත.
ඊට අමතරව මිය යන්නට පෙර ඇය අතවරයකට ලක් වී ඇති බවද එහිදී හෙලිවී ඇත.
දුලීකාට තුවාල සිදු කළ පිහිය මෙන්ම සැකකරු ඇද සිටි ඇදුම් ආදියද සොයා ගැනීමට පොලිසියට හැකිවී ඇත.
සැකකරු අද( 06) සවස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ය.