(කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම බංඩාරපොතාන ප‍්‍රදේශයේදී අභිරහස් ලෙස මිය ගිය පුද්ගයකුගේ මළ සිරුරක් අද (03) ගල්කිරියාගම පොලිසිය විසින් සොයාගෙන තිබේ.
පොලිසියට ලද පැමිණිල්ලක් අනුව මෙම මළ සිරුර පොලිසිය සොයා ගෙන තිබේ. බංඩාරපොතාන ඞී3 ප‍්‍රදේශයේ කුඹුරක ඇති පැලක් තුළ මළ සිරුර තිබූ බවත මරණය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ගල්කිරියාගම පොලිස් ස්ථානය මගින් අරඹා තිබේ.
මිය ගොස් ඇත්තේ පුබ්බෝගම බණ්ඩාරපොතාන පදිංචිව සිටි මොහිදීන් මොහමඞ් රූමි නැමැති 41 හැවිරිදි දෙදරු පියෙකු බවට පොලිසිය හඳුනාගෙන තිබේ.
මළ සිරුරේ ස්ථාන කිහිපයක සුළු තුවාල කිහිපයක් ද දක්නට තිබූ බවත් ඔහු මත් පැන් පානය කිරීමට ඇබ්බැහිව සිටි පුද්ගලකු බවත් පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මළ සිරුර අසළ තිබී ඇඳුම් හා තවත් ලේඛන කිහිපයක් අඩංගු ගමන් බෑගයක් ද පොලිසියට හමුව ඇති අතර එම මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය කැකිරාව වැඩ බලන මහේස්ත‍්‍රාත් උදිත ප‍්‍රියංග බී.ඒකනායක මහතා විසින් අද (03) පවත්වනු ලැබීය.