(ඩයනා උදයංගනී)
අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය අද (9) ට යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් දිනය පුරා ක‍්‍රියාත්මක කරන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ඒ වෙනුවෙන් කොළඹ සිට පිට පළාත්වලට යන ප‍්‍රධාන දුම්රිය හතරක දී දූෂණවිරෝධී දැනුවත් කිරීම් සිදුකෙරුණු අතර අතර පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන දුම්රිය 48 ක ඉදිරිපස දූෂණ විරෝධී තේමා පාඨ ඇතුළත් බැනරයක් ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබිණි.
එමෙන්ම දුම්රියන් තුළ ද දැනුම්වත් කිරීමේ ස්ටිකර අලවා තිබිණි.
නිලධාරින් 500 ක් මෙම දැනුවත් කිරීමේ වැඩපිළිවෙළට සම්බන්ධ වන අතර කොළඹ කොටුව ඇතුළු ප‍්‍රධාන දුම්රිය ස්ථානවල වීදි නාට්‍ය රඟ දැක්වීමත් දුම්රිය පරිශ‍්‍රවල ඇති ශබ්ද වාහිනී යන්ත‍්‍ර මගින් අල්ලස් හෝ දූෂණ විරෝධී පණිවුඩ ප‍්‍රචාරණයත් සිදු කිරීමට නියමිතය.
කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන ආශ‍්‍රිතව ස්ථානගත කර ඇති රූපවාහිනී යන්ත‍්‍ර හා එල්.ඊ.ඞී තිර යොදාගනිමින් දූෂණ විරෝධී වීඩියෝ පට හා දැන්වීම් ප‍්‍රදර්ශනය කෙරෙන අතර ඊට සමගාමීව කොටුව ප‍්‍රධාන බස් නැවතුම්පොළවල අත්පත‍්‍රිකා බෙදීමක් ද සිදුවේ.

