(ටී. එච්. සරත්)
තලාතුඔය අනුරගම ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකට අයත් දුරකථන කුලුනක සවිකර තිබූ බැටරි හතරක් කිසියම් පුද්ගලයෙකු සොරකම් කර ඇතැයි තලාතුඔය පොලිසිය පවසයි.
කුලුන පරීක්ෂාවේ යෙදෙන එම සමාගමේ නිලධාරියෙකු විසින් තලාතුඔය පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.
සොරාගත් බැටරිවල වටිනාකම රුපියල් 30,000කට ආසන්න බවද එම නිලධාරියා පවසයි.
විදුලිය විසන්ධි වන අවස්ථාවන්හි දී දුරකථන සබඳතාවයන් අඛණ්ඩව පවත්වා ගැනීමට මෙම බැටරි උපකාරීවන බවත් මේවායේ ඇති ඊයම් ලබා ගැනීමට සොරුන් මේවා පැහැර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කීය.
තලාතුඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.