(ටී.කේ.ජී.කපිල )
ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට දුම්වැටි තොගයක් ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙයින් පළමු ගුවන් මගියා හලාවත , මදුරන්කුළිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක වන අතර, දෙවැනි ගුවන් මගියා 32 හැවිරිදි කුළියාපිටිය , නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .
ඔවුන් විසින් රැගෙන විත් තිබූ සිය ගමන් මලු තුළ රුපියල් 27,30,000 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 54,720 ක් අඩංගු , දුම්වැටි කාටූන් 273 ක් සඟවා ගෙන සිටි බව රේගුව පවසයි.

