(ටී.කේ.ජී.කපිල)
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (18) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ තුළ මෑත ඉතිහාසයේ සිදු කළ විශාලතම දුම්වැටි වැටලීමකි.
මෙම දුම්වැටි තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ සිව් දෙනා කුලියාපිටිය , නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31, 49 සහ 40 වයස්වල පසුවන ව්‍යාපාරිකයෝ වෙති. මේ අතරට අවුරුදු 39 ක් වන ව්‍යාපාරික කාන්තාවකි .
මොවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලුවල රුපියල් 69 ලක්ෂයක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 1,38,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 690 සඟවා ගෙන තිබූ බව රේගුව පවසයි .

