සුමතිපාල දීයගහගේ
දුම්රිය මාර්ගයේ පා ගමනින් යමින් සිටි තරුණියක් කඹුරුගමුව දුම්රියපොළ අසලදී අද (7) මාතර සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ හැපීමෙන් තුවාල ලැබ මාතර රෝහලට ඇතුළු කර ඇතැයි කොටවිල පොලිසිය පවසයි.
මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ අහංගම ගොවියාපාන බෝගහ අසල පදිංචි රාමනායක සුදුවැලි කොන්දගේ පබසරා නැමැති විසි දෙහැවිරිදි තරුණියෙකි.
ස්වයං රැකියාවක් සඳහා තරුණියන් අවශ්‍ය බවට පුවත්පතක පලවී තිබු දැන්වීමක් අනුව මෙම තරුණිය එම ස්ථානය සොයමින් දුම්රිය මාර්ගයේ පාගමනින් ගොස් ඇත.
එම අවස්ථාවේ පිටුපස බලන විටම ඇයගේ අසලට පැමිණ තිබු දුම්රියේ මෙම තරුණිය හැපී තුවාල ලබා විසි වී ගොස් ඇති බව මූලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.