දුම්රියේ හැපී ඇත් පැටවා මරුට



 
අමදෝරු අමරජීව
 
අග්බෝපුර පොලිස්වසමට අයත් කිතුල් උතුව 149 වැනි සැතපුම් කණුව අසල දුම්රිය මාර්ගයේදි අද (22) අලුයම ත්‍රිකුණාමලය බලා ධාවනය වු දුම්රියට ඇත් පැටවෙකු හැපි මියගොස් ඇතැයි  පොලිසිය කියයි.
 
අඩි එකහමාරක් දිගට වැඩුණු  ඇත් දල දෙකක් සහිත මෙම ඇත්පැටවා අසල එළිය වැටෙන තුරු මව් ඇතින්න රැදි සිටි බව ප්‍රදේශවාසිහු පැවසුහ.
 
සිද්ධිය සැලවු වහාම එම ස්ථානයට පැමිණි වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කවුඩුල්ල ප්‍රදේශය භාර වනජිවි නිලධාරින් පරික්ෂණ කටයුතු ඇරඹිය.

මෙම ඇත්පැටවා මව් ඇතින්න සමඟ දුම්රිය හරස් මාර්ගය හරහා රක්ෂිතයට ගමන් කරද්දි මෙම අනතුර සිදුවන්නට ඇති බව වනජිවි නිලධාරින් සැකකරයි.