දුම්රියේ ගැටී සද්දන්තයා අවසන් ගමන් යයි.


 ( ක.ග කරුණාරත්න)

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ "මීනගයා"  සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් අද (24) අලුයම 3.00 ට පමණ වැලිකන්ද, කොළකනාවාඩිය ප්‍රෙද්ශයේදී සද්ධන්තයෙකු අකාලයේ මියගොස් ඇතැයි වනජීවී නිලධාරීහු කියති.

ජල ගැලුම් නිම්න ජාතික වනෝ ද්‍යානයේ විසූ මෙම අලියා අඩි 9 ක් පමණ උස වයස අවුරුදු 30 - 35 ක් පමණ වන අලියෙකි.