දුම්රියේ ගැටී අයෙක් මරුට


(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

දෙහිවල සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර මාර්ගයේදී පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ බව වැල්ලවත්ත පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවත්තේ පදිංචි යටවරගේ ඇක්මන් නම් 57 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (15) මීට ස්වල්ප මොහොතකට පෙර, කළුබෝවිල හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු විපුල නරසිංහ මහතා විසින් කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අධිකරණයේදී සිදුකෙරිණි .

දුම්රිය රියදුරු ගෙන්වා ප්‍රකාශයක් ලබාගන්නා තෙක්, මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබාදීමට හදිසි මරණ පරීක්ෂකවරයා පියවර ගත්තේය .

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.