(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ පලංචි ඉදිකිරීම් කටයුතු සදහා යොදා ගනු ලබන ආධාරක යකඩ කොකු තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි එහි ආරක්ෂක නිලධාරියකු සැක පිට අත් අඩංගුවට ගත් බව දික්වැල්ල පොලීසිය පවසයි.
ලැබුණු තෙරතුරකට අනුව සෝදිසි මෙහෙයුමකදී පාපැදියකින් පැමිණි එම සැකකරු නවතා පරික්ෂා කළ අවස්ථාවේදී මෙම සොරකම පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
ඔහුගේ පාපැදියේ පිටුපස පොහොර උරයක ගැටගසා තිබු රුපියල් අනූ පන්දහසක් වටිනා යකඩ ආධාරක කොකු පොලීසිය භාරයට ගෙන ඇත.
දික්වැල්ල බතීගම පදිංචි එම සැකකරු මාතර අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.