දුම්රිය මග පිරික්සන්න ගිය යන්ත්‍රය පීලි පනී


(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ගම්පහ තිලකරත්න දි්සානායක)

දුම්රිය මාර්ගයේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා උපකරණ සහිත යන්ත්‍රයක් (ට්‍රෑම්පින් මැෂින්)  බෙම්මුල්ල හා මගලෙගොඩ දුම්රිය ස්ථාන අතරදී පිලී පැනීමකට ලක්වීමෙන් අද උදෑසන දුම්රිය ගමනාගමනයට බාධා පැමිණියේයග 

මේ නිසා වේයන්ගොඩ හා ගම්පහ අතර දුම්රිය ගමනාගමනය එක් ධාවන මාර්ගයකට සීමාවීම හේතුවෙන් දුම්රිය ප්‍රමාද වීමක් සිදුව ඇතග මේ නිසා මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇතග

මාර්ග අවහිරය ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කරන බව දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙක් පැවසීයග