දුම්මලදෙණිය ගංඔයේ මසුන් මැරිලා


                                                                                                                                                                             (චන්දන ප්‍රනාන්දු )                                                                             
දුම්මලදෙණිය ගිංඔය පාලම අසල මසුන් විශාල ප්‍රමාණයක් මියගොස් ජලයේ පාවෙමින් ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.                                                                
මීට පෙර  ගිංඔයේ මසුන්  මියගොස් නැති බවත් අද (05 ) උදෑසන මසුන් මැරි පාවෙමින් තිබෙන අයුරු දැකගත හැකි වු බව ප්‍රදේශවාසීන් සඳහන් කළේය.

කාලයක සිටම මෙම පාලම අසල පෞද්ගලික ඉඩමකට වෙන්නප්පුව ප්‍රදේශිය සභාවේ කුණු කසල බැහැර කර ඇති බවත් එම බැහැර කර ඇති කුණු කසලවලින් නිකුත් වු යම් රසායනික ද්‍රව්‍ය ජලයට මුසු වි මෙලෙස මසුන් මියගියේද යන්න සැකයක් පවතින බව ද ඔවුහු පවසති.