(රංජිත් රාජපක්‍ෂ)
හැටන් කොටගල රොසිටා වතුයායේ තේ වතු ආශ්‍රිතව සැරිසරන දිවියන් අලිවෙඩි දමා රක්‍ෂිතවලට පලවා හැරීමේ විශේෂ මෙහයුමක් නුවරඑළිය වනජිවි කාර්යාලයේ නිළධාරින් අද (13.12) එම වතුයායේ වතුකමිකරුවන් සමග එක් ව ක්‍රියාත්මක කර තිබේ.
එම වතුයායේ දිවියන් විශාල වශයෙන් සැරිසැරිම නිසාතේ වතු ආශ්‍රිතව වැඩකරන වතුකමිකරුවන් දැඩි ලෙස භිතියට පත්වි ඇති අතර එම දිවියන් පහරදිම නිසා වතු කමිකරුවන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
තේ වතු ආශ්‍රිතව වතු නිවාසවල සුරතලයට ඇති කරන සුනඛයන් පවා පසුගිය කාලයේ අතුරුදහන්වු බව වතු කම්කරුවන් පවසති. වතුයාය පුරා දිවියන් සැරිසැරිම නිසා දෛනික වැඩකටයුතු සඳහා වතුකරයට යෑමට ද වතුකම්කරුවන් විසින් ප්‍රතික්‍ෂ්පකර තිබේ.
දිවියන් විසින් දඩයම් කර තිබු සතුන්ගේ ශරීර කොටස්ද වනජිවි නිළධාරින් විසින් සොයාගෙන ඇත.
මෙම මෙහෙයුම තව දින කිහිපයක් සිදුකරන බව වනජිවි නිලධාරීන් පවසති.