(එම්.සුසිල් ප්‍රියන්ත )
දිවංගත හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 96වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් ඒ මහතාගේ උපන්ගම වන කොස්ගොඩ පිහිටි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවක් අද (23 ) පැවැත්විණි.
බලපිටිය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක අශෝක ධනවංශ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් උදෑන ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වූහ.
බලපිටියේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ කමල් ජයන්ත මහතා ඇතුලු කණ්ඩායමක් තමන් දැන් සමගි ජන බලවේගය නියෝජනය කරනවා යයි කියමින් සන්ධ්‍යාවේදී එම පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වූහ.
බලපිටියේ එකම පක්ෂයේ පිරිසක් දෙකට බෙදී දෙවරක් පුෂ්පෝපාහාර දැක්වීම මෙහි විශේෂිත්වයයි.