දියවන්නා ඔයේ මළ සිරුරක්


ශාන්ත කුලරත්න

 

රාජගිරිය බුලත්ගමුව පාරේ පාලම අසළ දියවන්නා ඔයේ පාවෙමින් තිබූ නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද (13) උදෑසන සොයා ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.

හදිසි ඇමතුම් අංකය (119) ලද තොරතුරක් අනුව මළ සිරුර සොයා ගත් බවත් මිය ගිය පුද්ගලයා හඳුනාගැනීම සඳහා මහජන සහය පතන බවත් පොලිසිය කියයි.

සිද්ධිය පිළිබඳව ස්ථානීය පරීක්ෂණයක් කිරීමට නියමිත අතර වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.