දියරයක් ඉසීමෙන් කුලියාපිටිය විදුහලක පාපන්දු ක්‍රීඩකයින් තිදෙනෙක් රෝහලේ


( දයාරත්න ඇඹෝගම)


අනුරාධපුර නගරසභා ක්‍රිඩාංගණයේ පැවැති වයස අවුරුදු  15 න් පහළ සමස්ථ ලංකා පා පන්දු තරගයේදී පිරිසක් විසින් ක්‍රිඩයන්ට  දියරයක් ඉසිමෙන් රෝගාතුරවු ක්‍රිඩකයන් තිදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව අනුරාධපුර පොලිසිය කියයි.


මෙසේ රෝහල් ගත කොට ඇත්තේ කුලියාපිටිය රිවර්ස්ටන් මුස්ලිම් විද්‍යාලයේ පා පන්දු ක්‍රිඩකයන් තිදෙනෙකි.


කුලියාපිටිය රිවර්ස්ටන් මුස්ලිම් විද්‍යාලය සහ ගිංතොට බමන මුස්ලිම් විද්‍යාලය අතර සමස්ථ ලංකා පා පන්දු තරගාවලිය ඊයේ (18) දින පස්වරුවේදි අනුරාධපුර නගර සභා ක්‍රිඩාංගණයේදි පැවැත්වුණි.


මෙහිදි කුලියාපිටිය මුස්ලිම් විද්‍යාලයේ පා පාන්දු කණ්ඩායම ජයග්‍රහණය කොට තිබු බව පොලිසිය කියයි.


මෙහිදි ගිංතොට මුස්ලිම් විද්‍යාලයේ පා පන්දු කණ්ඩායම සමඟ පැමිණි පිරිසක් කුලියාපිටිය මුස්ලිම් විද්‍යාලයේ පා පන්දු ක්‍රිඩාකයන් වෙත මෙම  දියරය ඉසිම  නිසා ක්‍රිඩකයන් තිදෙනෙකු මෙලෙස රෝහල් ගත කර ඇති බව පොලිසිය කිය.