ක.ග කරුණාරත්න
දියබෙදුම, ඉහකුළුවැව ප්රදේශයේදී අලියකු පහර දීමෙන් පුද්ගලයකු මිය යාමේ සිද්ධියට විරෝධය පළකර ගම්වාසීන් 200 ක පමණ පිරිසක් අද (8) දහවල් දියබෙදුම නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
මෙලෙස මිය ගිය ඉහකුළුවැව පදිංචි 59 හැවිරිදි තිදරු පියකු වන එච්.ජී ගුණදේව යන අයයි.
දියබෙදුම - ගිරිතලේ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදුණු උද්ඝෝෂණකරුවන් කියා සිටියේ මේ වන විට ඉහකුළුවැව ගම්මානයේ පමණක් මිනිස් ජීවිත 8 ක් අලින් බිළිගෙන තිබෙන බවයි.
අලින්ගෙන් සිදුවන මෙම හිරිහැරයට නොපමාව විසඳුම් දිය යුතු යැයි ද ඔවුහු පාලකයන්ගෙන් ඉල්ලා සිටියහ.