(තුසිත කුමාර ද සිල්වා)
සිය දියණියන් දෙදෙනා අපයෝජනය කළ බව කියන පුද්ගලයකු පිළිබඳව ලැබූ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව බේරුවල පොලිසිය පවසයි.
සැකකරු බේරුවල මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වෘත්තියෙන් ධීවරයෙකි. ඔහු දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන අතර, ඔහුගේ බිරිඳ විදේශ රැකියාවකට ගොස් ඇති බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය.
සැකකරු, වයස අවුරුදු 16 හැවිරිදි වැඩිමහල් දියණිය බරපතල අපයෝජනය කර ඇති අතර, එම දැරිය මේ වන විට කලුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇත. පියාගේ අතවරයට ලක්වූ 14 හැවිරිදි දැරියද පොලිස් භාරයේ පසුවෙයි.
සැකකාර පියා අත්අඩංගුවට ගැනීම සඳහා කලුතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.